අප්‍රිකාවෙන් නව මැලේරියා වයිරසයක්

නව මාදිලියක මැලේරියා වයිරසයක් අප්‍රිකා රටවල් කේන්ද්‍ර කොට ගනිමින් පැතිර යෑම ආරම්භ කර ඇති බවත්, මැලේරියාව මැඬලීමට ලබා දෙන එන්නතට එම වයිරසය නැසීමට හැකියාවක් නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි.
මෙම නව මැලේරියාව වැළඳුණු පුද්ගලයන් සිවු දෙනකු ලන්ඩනයේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. මොවුන් සිවුදෙනා පසුගිය සති කිහිපයේ අප්‍රිකාවේ සිට පැමිණ ඇතැයි බි්රතාන්ය වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
මොවුන්ට මැලේරියා ප්‍රතිරෝධී එන්නත් ලබා දීමට කටයුතු කළ ද වයිරසය මර්දනය කිරීමට ඒවාට හැකියාව නොලැබිණි.
සෑම වසරකම විදේශ සංචාරවල නියැලී ආපසු පැමිණෙන සංචාරකයන් 1,500 ක් හෝ 2,000 ක් මැලේරියාව වැළැඳීමෙන් ප්‍රතිකාර ලබන බව බි්රතාන්ය සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් පෙන්වා දෙති.
(රොයිටර්)

