අපනයන අයිතම වැඩි ප්‍රමාණයක් තහනම්

බටහිර රටවල් පැනවූ සම්බාධකවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අපනයන අයිතම 200කට වැඩි ප්‍රමාණයක් තහනම් කිරීමට රුසියාව පියවර ගෙන ඇත.
රුසියාව, විශේෂ යුද මෙහෙයුමක් ආරම්භ කරන බව ප්‍රකාශ කරමින් පෙබරවාරි මස 24 වැනිදා යුක්රේන ආක්‍රමණය ආරම්භ කළේ ය.
රුසියාවේ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස රුසියාවට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් පියවර ගත්තේ ය.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස විදුලි, දුරකතනය සහ විදුලි සංදේශ, කෘෂිකාර්මික, විදුලි සහ තාක්ෂණික උපකරණ, වන නිෂ්පාදන ඇතුළු අපනයන අයිතම ගණනාවක් මත තහනමක් පැනවීමට රුසියාව පියවර ගෙන ඇත.
දුරකතනය, කෘෂිකාර්මික, විදුලි, සහ තාක්ෂණික අපනයන මත පනවා තිබෙන මෙම තහනම හේතුවෙන් මීට පෙර රුසියාවට විදේශවලින් ආනයන කරන ලද උපකරණවලට ද බලපෑමක් එල්ල වනු ඇතැයි පැවසේ.
රුසියාවට එරෙහිව සතුරු පිළිවෙතක් අනුගමනය කළ ඇතැම් රටවලට දැව අපනයනය කිරීම තහනම් කිරීමට ද රුසියාව පියවර ගෙන තිබේ.
රුසියාවේ මෙම නව අපනයන තහනම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු රටවල් 48කට බලපෑම් එල්ල වනු ඇතැයි වාර්තා වේ.
රුසියානු වෙළෙඳපොළ ස්ථාවර කිරීම සඳහා විදේශීය භාණ්ඩවලින් කරන ලද අපනයන තහනම් කළ යුතු යැයි මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමින් රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිස්හුස්ටින් පවසා ඇත.
මෝටර් රථ, දුම්රිය මැදිරි, බහාලුම් (කන්ටේනර්) සහ තලබමර (ටර්බයින්) වෙත ද බලපෑම් එල්ල වන බී.බී.සී. පුවත් සේවය වාර්තා කර ඇත.
මේ වසර අවසන් වනතෙක් මෙම තහනම ක්‍රියාත්මක වීම නියමිත යැයි රුසියානු ආරංචි මාර්ග සඳහන් කරයි.
සෝවියට් රුසියාවට අයත් ව පැවැති ඇතැම් රටවලට ධාන්‍ය යැවීම තාවකාලීකව අත්හිටුවීමට ද රුසියාව පියවර ගෙන ඇත. මෙම බොහෝමයක් රටවල් වත්මන් යුරේසියානු ආර්ථික සංගමයේ කොටස්කරුවන් වන අතර මෙම ධාන්‍ය අපනයන තහනම මාර්තු මස 15 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ය.
ඊට අමතරව එම සංගමයට අයත් කලාපයෙන් පිටත රටවලට සීනි අපනයනය තහනම් කිරීමට ද රුසියාව පියවර ගෙන ඇත.
යුරේසියානු ආර්ථික සංගමයට ආර්මේනියාව,බෙලරුසියාව, කසක්ස්ථානය, කිර්ගිස්තානය යන රටවල් අයත් වේ. රුසියාව ද එහි කොටස්කරුවෙකි.
(රොයිටර්)

