අන්දමන්-නිකොබාර් භූමිකම්පා 9 කින් කැලැඹේ



අන්දමන් සහ නිකොබාර් දූපත් පැය දෙකක කාලයක් පුරාවට භූමි කම්පා මාලාවකින් කැලැඹී ගියේය.

රික්ටර් පරිමාණයේ ඒකක 4.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් එම භූමි කම්පා මාලාව ආරම්භ වී ඇත. භූමි කම්පා 9 ක් හටගත් බවත් අවසන් භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් ලෙස සටහන් වුණු බවත් වාර්තා වේ.

භූමි කම්පා හටගත්තේ මුහුදු පතුළේය. භූමි කම්පා හේතුවෙන් දූපත් කැලැඹී ගියත්, ජීවිත හෝ දේපොල හානි හෝ සිදුවූ බවක් වාර්තා නොවෙයි. කෙසේ නමුත් අසාමාන්‍ය ලෙස භූමි කම්පා 9 ක් හට ගැනීම හේතුවෙන් දූපත් වැසියෝ මහත් සේ බියට පත් වූහ.

අන්දමන් සහ නිකොබාර් දූපත් පිහිටා ඇත්තේ බෙංගාල බොක්කේ සහ අන්දමන් මුහුදේය. මේ දූපත් ඉන්දියාවට අයත්ය. අන්දමන් සහ නිකොබාර් දූපත් අතරට දූපත් 572 ක් අයත් වන අතර ජනාවාස ඇත්තේ එයින් දූපත් 37 ක පමණි.

නවදිල්ලියේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS