අන්තවාදයට එරෙහිව ප්රංශයේ නව නීති

ප්රංශය තුළ ඉස්ලාමීය අන්තවාදය පිටුදැකීමේ අරමුණින්, ප්රංශ රජය සකස් කළ නව නීතී ඇතුළත් පනත් කෙටුම්පත මේ වනවිට එරට පාර්ලිමේන්තුවට යොමු කර තිබේ.
ප්රංශ රජය අස්ථාවර කරමින්, ප්රංශ වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරට ඉස්ලාමීය අන්තවාදීන් ක්රියා කරන බවත්, ඔවුන්ට එරෙහිව මෙම නව නීති ගෙන ඒමට පියවර ගන්නා බවත් ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.
මෙම නව නීති සම්බන්ධයෙන් ප්රංශයේ මුස්ලිම් ප්රජාව විරෝධය පළ කර ඇති නමුත්, ජනාධිපති මැක්රොන් පෙන්වා දී ඇත්තේ, ඉස්ලාමීය අන්තවාදය ප්රංශ මුස්ලිම් වැසියන්ට පවා තර්ජනයක් වී ඇති බවය.
නව නීති අනුව, මුස්ලිම් ප්රජාවගේ අභිමතය පරිදි පවත්වාගෙන යන මුස්ලිම් පාසල් වසා දැමෙයි. ප්රංශය පුරා සියලු මුස්ලිම් පල්ලි ලියා පදිංචි කළ යුතු වන අතර, අරමුදල් රැස් කරන්නේ නම්, ඒ සම්බන්ධයෙන් සියලු වාර්තා රජයට ලබා දීම කළ යුතුය. කාන්තා වෛද්යවරියන්ට පවා මුස්ලිම් රෝගීන් බැලීම සිදු කළ යුතු අතර මුස්ලිම්වරුන්ට ඊට විරෝධය පළ කිරීම කළ නොහැකිය. නව නීතිවලට විරෝධය දක්වන හෝ එම නීති නොසලකා හරින ඕනෑම අයකුට දැඩි දඩුවම් ලබා දීමට ද කටයුතු යොදා ඇත.
ප්රංශ ජනාධිපති මැක්රොන්, එරට මුස්ලිම් ප්රජාව ඉලක්ක කර ගනිමින් මෙසේ නව නීති සකස් කළේ, මීට මාස කීපයකට පෙර, ප්රංශ ගුරුවරයකු මුස්ලිම් අන්තවාදියකු විසින් මහ මඟ ගෙල කපා මරා දමනු ලැබීමේ සිද්ධියයි.
සැමුවෙල් පැටී නමැති 42 හැවිරිදි එම ගුරුවරයා, ඔහුගේ පංතියේ යොවුන් වියේ පසුවන දැරු දැරියන්ට, නිදහසේ අදහස් ප්රකාශ කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් පාඩම් උගන්වා ඇත. ඒ, ප්රංශයේ ‘චාලි හෙබ්දෝ’ නමැති විකට සඟරාව උදාහරණයක් ලෙස ගනිමිනි.
මෙම සඟරාව ඉස්ලාම් අන්තවාදීගේ උදහසට ලක් වී ඇත්තේ, මහම්මත්තුමාට අපහාස වන අයුරින් විකට කාටූන් පළ වන නිසාය. ඉස්ලාමීය අන්තවාදී තරුණයකු සැමුවෙල් පැටී මරා දැම්මේ, පාසලේ ඉස්ලාමීය දරු දැරියන්ගේ ද සහාය ඇතිවය.
මහම්මත්තුමාට අපහාස වන අයුරින් කාටූන් පළ කිරීම සම්බන්ධයෙන් ප්රංශ මුස්ලිම් වැසියන්ගේත් ලොව පුරා සෙසු මුස්ලිම් වැසියන්ගේත් විරෝධය ‘චාලි හෙබ්දෝ’ සඟරාවට එල්ල වී ඇත. ප්රංශ ජනාධිපති මැක්රොන් පෙන්වා දී ඇත්තේ ප්රංශයේ ඕනෑම අයකුට නිදහසේ අදහස් දැක්වීමට ඉඩ ඇති බවය.
ප්රංශයේදීය (රොයිටර්)

