අන්තර් ජාලය නැතිව ටොංගා රාජ්‍යයේ ජංජාලයක්

මුහුදු පතුළෙන් දිවෙන සන්නිවේදන රැහන් පද්ධතියට හානි සිදුවීවෙන් ටොංගා දූපත් රාජ්‍යයේ වැසියෝ අන්තර්ජාල පහසුකම් නොමැතිව ලොවෙන් හුදෙකලා වී දැඩි අපහසුතාවට පත් වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ටොංගා යනු දූපත් කිහිපයකින් සැදුම්ලත් රාජ්‍යයකි. ටොංගා රාජ්‍යයට දූපත් 170 ක් අඩංගුවන අතර, ජනගහනය 1,10,000 කි. ටොංගා දූපත් රාජ්‍යය සංචාරක ආකර්ශණයකි.
මුහුදු පතුළෙන් දිවෙන සන්නිවේදන රැහන් පද්ධතියට සිදුවුණු හානිය හේතුවෙන් අන්තර්ජාල කටයුතු සහ ජංගම දුරකතන කටයුතු සියල්ල මේ වනවිට අඩපණ වී තිබේ.
ලොවෙන් හුදෙකලා වීම නිසා ටොංගා වැසියන්ට හෝ ටොංගා රාජ්‍යය බලා පැමිණ සිටින විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවට පත් වී සිටින බව ද පැවැසෙයි. ගුවන් ගමන් කටයුතුවලට පවා එය බාධා එල්ල වී ඇත.
ටොංගා දූපත් බලධාරීන් පවසන්නේ . අන්තර් ජාල පහසුකම් නොමැති හෙයින් සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල වී ඇති බවය.
සිඞ්නිහිදීය
(රොයිටර්ස්)

