අධිවේගියේ වූ මාරක රිය අනතුරකින් සෞදි ජාතිකයින් දෙදෙනෙකු මරුට

පසුගිය දිනෙක කිංග් ෆාද් අධිවේගි මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් සෞදි ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව අල්-කාබස් වාර්ථාකලේය.
කුවේට් දෙසට ගමන් කල වාහනයක් දිගු ටේලරයක් සහිත වාහනයේ එකිනෙක ගැටීම නිසා අල්-නිව්ඒසබ් ඉන්ධන පිරවුම්හල අසලදී අනතුරකට ලක්වී ගිනිගෙන ඇත.
රියදුරු සහ ඔහුගේ යහළුවා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ගිනිනිවන භටයින් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීම සදහා කටයුතු කලේය.
පොඩි පට්ටම්වී පිළිස්සුනු වාහනයෙන් මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු කොටස් එලියට ගැනීම සදහා ගිනිනිවන භටයින්ට විශාල පරීශ්‍රමයක් දැරීමට සිදුව ඇත.
පිලිස්සුණූ සිරුරු කොටස් අපරාධ පරීක්ෂණ හා සාක්ෂි දෙපාර්තුමේන්තුවට පරීක්ෂණ සදහා යවන ලදී.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලීසිය මගින් සිදුකරනු ලබයි.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

