අධිවේගියේ අනතුරකින් එක් අයෙක් මියගොස් දසදෙනෙකුට තුවාල

රියාද් සහ අල්-ටයිෆ් සම්බන්ධ කරන අධිවේගි මාර්ගයේ සිදුවු මාරක රිය අනතුරකින් එක් වන්දනාකරුවකු මියගොස් දසදෙනෙකුට තුවාල සිදුවී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
මගීන් 50දෙනෙක් රැගෙන ගමන්ගත් බස් රථයක් ධලම් හිදි ට්රක්රථයක ගැටීම නිසා මෙම අනතුර සිදුවී ඇත.
සිවිල් ආරක්ෂක ඒකකයේ නිළධාරීන් අනතුර සිදුවූ ස්ථානයට පැමිණ රිය අනතුරින් තුවාල ලැබූවන් ප්රතිකාර සදහා ධලම් රෝහලට ඇතුලත් කර ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කලේය.
අනතුර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වේ.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්රියදර්ශන ජයතිලක

