අධිවේගි මාර්ග අනතුරින් දෙදෙනෙක් මියයති
සේවකයින් රැගෙන යමින් තිබු කුඩා වර්ගයේ බස් රථයක් ඩුබායිහි අල්-වස්ල් අධිවේගි මාර්ගයකදී අනතුරකට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
අනතුරට ලක්වීම හේතුවෙන් කුඩා බස්රථයට දැඩිලෙස හානි සිදුවී ඇති අතර හතර දෙනෙකු සුළු තුවාලද අනිත් හතර දෙනා දරුණු තුවාලද ලබා ඇත.
අනතුර සිදුවූ ස්ථානයේදීම එක් පුද්ගලයෙකු මියගිය අතර අනිතු පුද්ගලයා රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගිය බව පොලිස් නිලධාරියකු ප්‍රකාශ කර ඇත.
අපරීක්ෂාකාරි ලෙස වාහනයක් පදවා ගෙන අධිවේගි මාර්ගයට පැමිණි කාන්තාවකගේ වාහනයක් මුහුණට මුහුණ ගැටීම නිසා අනතුර සිදුවූ බව ඩුබායි රථවාහන අධ්යක්ෂ, බ්‍රිගේඩියර් සායිෆ් මොහයිර් අල්-මෂ්රුයි ප්‍රකාශ කලේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

