අධිකරණ නියෝගයෙන් ජාතික සත්වයා එළදෙන

එළදෙනුන් ඝාතනය කිරීමට උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා වැඩි කිරීමට නියෝග කරමින් එළදෙන ජාතික සත්වයා ලෙස නම් කරන්නැයි රාජස්ථාන මහාධිකරණය නියෝග කර තිබේ.
අදාළ යෝජනා ක්රියාත්මක කටයුතු යොදන්නැයි ද මහාධිකරණය ප්රාන්ත මහ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
එමෙන්ම එළදෙනුන් හා ගවයන් ඝාතනය කරමින්, පැවැත්වෙන උත්සව හා එම සිදුවීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම සඳහා නීතිඥයන් පත් කිරීමට ද මහාධිකරණය කටයුතු කර තිබේ.
ජයිපූර්හිදීය (ද හින්දු)

