අද විරල සූර්ය ග්‍රහණයක්
ඉතා විරල සූර්ය ග්‍රහණයක් අද (21) දකින්න ලැබේ. ශ්‍රී ලංකාවට මෙම සූර්ය ග්‍රහණය දිස්වනු ඇත්තේ වළයාකාර සූර්ය ග්‍රහණයක් ලෙසය.
පෘථිවිය සහ සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා ගමන් කරද්දී සූර්ය ග්‍රහණයක් දකින්න ලැබෙයි. ඒ සඳුගෙන් හිරු වැසී හිරුගේ ආලෝකය අවහිර වෙද්දීය.
සූර්ය ග්‍රහණය අද (21) මධ්‍යම අප්‍රිකා රටවලට පළමුවෙන් දිස්වෙයි. පිළිවෙළින් කොංගෝ, ඉතියෝපියා, යේමනය, සවුදි ආරාබිය, ඕමානය, පකිස්තානය, උතුරු ඉන්දියාව, චීනය හා තායිවානය යන රටවල වැසියන්ට පූර්ය සූර්ය ග්‍රහණයක් ලෙස මෙය දිස්වෙයි.
සඳුගෙන් හිරු වැසී යද්දී හිරුගේ ආලෝකය සඳ වටා දීප්තිමත්ව දකින්න ලැබෙන අතර, මෙම අපූරු දසුන හැඳින්වෙන්නේ ගිනි වළල්ල යනුවෙනි.
අද (21) උදෑසන 10.29 ට පමණ මෙම සූර්ය ග්‍රහණය කොළඹට දිස්වන අතර පස්වරු 1.09 දක්වා එනම්, පැය 2 යි විනාඩි 50 කට ආසන්න කාලයක් තුළ මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දකින්න ලැබෙනු ඇත.
සූර්ය ග්‍රහණයේ උපරිම අවස්ථාව වන පෙරවරු 11.51 වන විට චන්ද්‍රයා සූර්ය තැටියෙන් සීයට 30ක පමණ ප්‍රමාණයක් ආවරණය වනු ඇතැයි ද පැවැසෙයි.
ලංකාවේ විවිධ ප්‍රදේශවලට විනාඩි කිහිපයක වෙනසක් සහිතව මෙම සූර්යග්‍රහණයේ ආරම්භය සහ අවසානය දිස්වෙයි. ඉතා විරල මෙවැනි සූර්යග්‍රහණයක් නැවත අපට දැකගන්නට ලැබෙන්නේ වසර දෙකකට පසු, එනම් 2022 වසරේ ඔක්තොම්බර් මස 22 දා ය.
(රොයිටර්)

