අතිශය බාල මට්ටමේ චීන කාටූන් චිත්‍රපටය වාර්තා තබයි

කෝටි ගණන් වියදම් කරමින්, අති නවීන පරිගණක තාක්ෂණ ශිල්පක්රම භාවිතයට ගනිමින්, ඇනිමේෂන් (කාටූන්) චිත්‍රපට නිර්මාණට වන අවදියක ඉතාමත් බලා තත්ත්වයේ කිසිදු වැදගම්මකට ග්‍රැපික් නිර්මාණවලින් සමන්විත අඩු වියදමින් නිර්මාණය කළ චීන ඇනිමේෂන් චිත්‍රපටයක් මේ වනවිට කවුරුත් මවිතයට පත් කරමින් එරට බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවන බව වාර්තා වේ.
මෙම චීන ත්‍රිමාණ ඇනිමේෂන් චිත්‍රපටය ‘නියු ලායි’ ය. චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ චීන මවක සහ පුතෙකි. ඔවුන්ට ඒ සඳහා වසර පහක් ගතවී ඇතැයි ද පැවැසෙයි. ‘නියු ලායි’චිත්‍රපටියේ අධ්‍යක්ෂණය, පිටපත, හඬකැවීම් පමණක් නොව, පසුබිම් ගායනා පවා සිදු කර ඇත්තේ මෙම මව සහ පුතාය.
චිත්‍රපටය සිනමාහල්වල තිරගතවීම ආරම්භ කළ මුල් දින නවයේදී උපයා තිබුණේ ඇමෙරිකන් ඩොලර් 1,000 කටත් වඩා අඩු මුදලකි. චිත්‍රපටය නැරැඹීමට පැමිණ ඇත්තේ 300 කට අඩු පිරිසකි.
මේ චිත්‍රපටයේ ග්‍රැපික්ස් දුර්වල බවත්, චිත්‍රපටයේ කතාව අවුල් සහගත බවත් පවසමින් එය නැරැඹූ ලොකු කුඩා කවුරුත් චිත්‍රපටයට විහිළු කරන්න විය. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් පළ කරමින් චිත්‍රපටය වැඩකට නැතැයි කියමින් එය නරඹන්න එපා යන්න ඒත්තු ගන්වමිනි.
‘නරඹන්න එපා’ කී නිසාම, චිත්‍රපටය ගැන කුතුහලක් ඇතිකරගත් පිරිස් චිත්‍රපටය නැරැඹීමට උනන්දු වූ අතර, චිත්‍රපටය නැරැඹීමට සිනමාහල්වල පෝළිම් දකින්න ලැබුණි.
මුලින් සිනමාහල් 4 කට විතර සීමා වෙලා තිබුණු මේ චිත්‍රපටය මේ වනවිට චීනයේ සිනමාහල් 2,500 ක තිරගත වෙයි. ඇමෙරිකානු ඩොලර් මිලියන 2 කට ආසන්න විශාල ආදායමක් උපයා ඇතැයි ද පැවැසෙයි.
චීන බසින් ‘නියු’ යනු කොටස් වෙළඳපොලේ නැගී සිටීමටත් භාවිතා කරන වචනයක් බැවින් කොටස් වෙළෙඳ පොළ ආයෝජකයින් පවා සුබ නිමිත්තක් විදියට මේ චිත්‍රපටිය නරඹන බව ද වාර්තා වේ.

