අගමැතිනිය සොව පළ කරයි



අභාවප්‍රාප්ත වූ කටාර් හිටපු එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානිගේ අභාවය වෙනුවෙන් කටාර් වත්මන් අමීර්වරයා හමුවී ලක් රජය ඇතුළු ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටයුතු පියවර ගත්තාය.

ඒ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා කටාර් රාජ්‍ය වෙත ගිය අග්‍රාමාත්‍යවරිය අද දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගය වෙත ගිය අවස්ථාවේදීය.

එම නිල හමුවට කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය අමීර් ෂෙයික් අබ්දුල්ලා බින් හමාඩ් අල්-තානි, අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල්-තානි මෙන්ම ෂූරා කවුන්සිලයේ කථානායක හසන් බින් අබ්දුල්ලා අල් ගානිම් ඇතුළු රාජකීය පවුලේ ඉහළ පෙළේ නියෝජිතයින් මෙන්ම අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ පුත්‍රයන් සහ රජ පවුලේ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටි බව වාර්තා වේ.


RECOMMEND POSTS