අගමැති හම්සා යුසුෆ් ධුරයෙන් යයි



ස්කොට්ලන්ත අග්‍රාමාත්‍ය හම්සා යුසුෆ්, සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, අග්‍රාමාත්‍ය හම්සා යුසුෆ්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වෙද්දීය. 

හම්සා යුසුෆ්ට එරෙහිව, මෙම සති අන්තයේ, විශ්වාසභංගයක් ගෙන ඒමට නියමිතව තිබුණු, ඊට මුහුණ දීමට සිය පක්ෂයේ සහාය ලබා ගැනීමට අපොහොසත් වන පසුබිමක ඔහු ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ස්කොට්ලන්ත කැබිනට් මණ්ඩලයේ මුලසුන හොබවන්නේ, අග්‍රාමාත්‍යවරයාය. ස්කොට්ලන්ත අග්‍රාමාත්‍ය වරයා හැඳින්වෙන්නේ ‘පළමු අග්‍රාමාත්‍යවරයා’ යන නමිනි. ස්කොට්ලන්ත කැබිනට් මණ්ඩලයේ මුලසුන හෙබවීමට අමතරව, ස්කොට්ලන්ත රජයේ ප්‍රතිපත්ති සැකසීම, සංවර්ධනය සහ ඉදිරිපත් කිරීම සඳහා මූලික වශයෙන් වගකියන්නේ ද අග්‍රාමාත්‍යවරයාය.


RECOMMEND POSTS