අගමැති මෝදිට පැසැසුම්

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්විණි.
ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර වෙළෙඳ ගනුදෙනු සහ කාශ්මීරයේ ඉස්ලාමීය ත්රස්තවාදීන්ගෙන් ඉන්දියාවට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි.
සාකච්ඡාවලින් පසු රාජ්‍ය නායකයෝ දෙදෙනා එක් වී සාකච්ඡා පැවැත්වූ කරුණු කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූහ. ඉන්දියාවට පැනැවූ තීරු බදු ලිහිල් කිරීමට තමන් කටයුතු කරන බව ඇමෙරිකා ජනපති ට්‍රම්ප් පැවසීය.
ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්දු කාශ්මීරයේ ක්‍රියාත්මක අන්තවාදී ඉස්ලාමීය ත්රස්තවාදීන්ගෙන් ඉල්ල වන තර්ජන සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ මෝදි අතරේ සාකච්ඡා පැවැත්විණි. ඉන්දු කාශ්මීර අර්බුදයට සහ ඉස්ලාමීය ත්රස්තවාදීන් මර්දනයට මෝදි කටයුතු කරන ආකාරය ප්‍රසංශනීය බවත් ඊට මැදිහත් වීමට තමන් අදහස් නොකරන බවත් ජනපති ට්‍රම්ප් පැවැසීය.
නිව්යෝක් නුවරදීය (එන්.ඩී.ටීවී.)

