T20 ලෝක කුසලානය එංගලන්තයට



විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය, කඩුලු 5කින් පාකිස්තානය පරදා ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබා දුන්නේය.

පිටියට පිවිස පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර කළේය.

138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම  පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5 දැවී එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS