Ghost of Kyiv මියගිය බව තහවුරුයි



මීට මාස 3 කට පෙර රුසියන් හමුදා යුක්රේන ආක්‍රමණයේ පළමු දිනයේදීම රුසියානු ප්‍රහාරක ජෙට් යානා 10 ක් බිම හෙලූ 'කීව් භූතයා' Ghost of Kyiv යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු යුක්රේන ප්‍රහාරක ගුවන් නියමුවා මියගිය බව මේ වනවිට තහවුරු වී ඇත.

එම නියමුවාගේ අනන්‍යතාව ද ලොව හෙළි කිරීමට යුක්රේන රජය පියවර ගෙන ඇත. 'කීව් භූතයා' Ghost of Kyiv යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ ඒම නියමුවා මේජර් ස්ටෙෆාන් තරබල්කා ය.

තරබල්කා පියාසර කළේ මිග් 29 ප්‍රහාරක යානයකි. රුසියන් ප්‍රහාරයකින් මියයෑමට පෙර මේජර් ස්ටෙෆාන් තරබල්කා ට රුසියන් ප්‍රහාරක යානා 40 විනාශ කර දැමීමට හැකිවුණු බව ද පැවැසෙයි.‍

29 හැවිරිදි එක්දරු පියෙකු වන තරබල්කා යුක්රේනයේ යුද විරුවෙකු ලෙස සැලකෙයි. මේජර් ස්ටෙෆාන් තරබල්කා සහ ඔහුගේ මිග් 29 යානය රුසියන් හමුදා පහර දී විනාශ කළේ පසුගිය මාර්තු 13 වැනිදාය.‍

(ටයිම්ස් ඔෆ් ලන්ඩන්)


RECOMMEND POSTS