91 වන ඔස්කාර් සම්මාන උළෙලට සියල්ල සූදානම්



91 වන ඔස්කාර් සම්මාන උළෙල හෙට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා ඩොල්බි රඟහල සූදානම් කිරීමේ කටයුතු මේ දිනවලදී සිදුකෙරෙනවා. ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් උළෙල ලොව ඉහළම සිනමා සම්මාන උත්සවයයි.

කාරණා කිහිපයක් හේතුවෙන් විශේෂත්වයක් උසුලන මෙවර සම්මාන උළෙල දෙස ලොව පුරා සිනමා රසිකයන් මහත් අවධානයෙන් බලා සිටින බව නොරහසක්.

එය පැවැත්වෙන ලොස් ඇනජලීස් නගරයේ ඩොල්බි රඟහල සූදානම් කිරීමේ කටයුතු ඉකුත් සතියේදී ආරම්භ වුණා.සම්මාන රාත්‍රිය සඳහා ඉතා අලංකාර ලෙස රඟහල හා ඒ අවට ප්‍රදේශය සූදානම් කිරීමට ඉදිකිරීම් සේවකයන් මේ දිනවල යුහුසුළුව කටයුතු කරන ආකාරයත් දැකගත හැකියි.

මෙම අලංකාර රාත්‍රියට සුපිරි සිනමා තාරකාවන් පායන රතු පලස එලීමේ කටයුතු ඉකුත් අඟහරුවාදා ආරම්භ කර තිබුණි.එමෙන්ම රඟහලේ ආරක්ෂාව තර කිරීමටත් බලධාරීන් කටයුතු කරමින් සිටියි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS