73 වැනි නිදහස සැමරේ



ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උලෙළ ඉතා අභිමානවත් හා චාම් අයුරින් මේ වනවිට කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි.

උලෙළ පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙනි.

‘ඉසුරුමත් හෙට දිනයක් සෞභාග්‍යමත් මව් බිමක් යන්න’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාව වී තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල සියලු සෞඛ්‍ය විධිවිධාන අනුව, සෞඛ්‍යාරක්‍ෂිත අයුරින් පැවැත්වීමට රජය පියවර ගැනීම විශේෂත්වයකි.

සුපුරුදු පරිදි මෙවරත් ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වූයේ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය දිවංගත ඩී.එස් සේනානායක මහතාගේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවය.

ඩයනා උදයංගනී
නිදහස් චතුරස්‍රයේ සිට


RECOMMEND POSTS