5 ත් 11 ත් දරුවන්ට එන්නත්



අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට 'ෆයිසර්' එන්නත ලබා දීම සුදුසු යැයි යුරෝපා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය සහ අවසරය ලබා දී තිබේ.

යුරෝපා රටවල් සඳහා ඖෂධ අනුමත කරන්නේ යුරෝපා ඖෂධ පාලන අධිකාරියයි.

යුරෝපා රටවල 'කොවිඩ් 19' ආසාදිතයන් යළි වැඩි වීමට පටන්ගෙන ඇති අතර දෛනික කටයුතු අඩපණ වෙමින් පවතී. ආසාදිතයන් වැඩිවන්නේ විකෘති කොරෝනා ප්‍රභේද හේතුවෙනි.

යුරෝපා රටවල දරුවන්ට එන්නත් ලබා දීම සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑම අරමුණ වී ඇත. ඒ අනුව, ඉදිරියේ දී යුරෝපා සංගමයට අයත් රටවල අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට 'ෆයිසර්' ලබා දීම ආරම්භ කෙරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

මේ වනවිටත් ඇමෙරිකාව, ඊශ්‍රායලය, කැනඩාව, චීනය, සෞදිය ආදී මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට 'ෆයිසර්' එන්නත ලබා දීම සිදුවෙයි.

චීනය හැර ඇමෙරිකාව, ඊශ්‍රායලය, කැනඩාව සහ සෞදි අරාබිය අවුරුදු 5 ත් 11 ත් වයසේ දරුවන්ට ලබා දෙන්නේ 'ෆයිසර්' එන්නතය.

(රොයිටර්)


RECOMMEND POSTS