48 ක් පණ පිටින් වැළලෙති

නොකඩවා ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ ඉදුකී දිස්ත්රික්කයේ තේ වත්තක සිදුවුණු නායයෑමකින් 48 දෙනකු ජීවිතක්ෂයට පත්වූහ.
නායයෑමට හසුවීමෙන් තේ වත්ත සහිත කන්ද පාමුල නිවාස සියල්ල මුළුමනිම පස් තට්ටුවලින් යට විය.
නායයෑම සිදුවෙද්දී නිවැසියෝ නින්දේ පසුවූහ. පස් තට්ටු ඉවත් කරමින් ඊට යටවුණු පිරිස් සෙවීමේ මෙහෙයුම්වලට ද මහ වැසි බාධාවක් වී ඇතැයි කේරළ ප්රාන්ත පුවත් සේවා වාර්තා කර තිබේ.
චෙන්නායිහිදීය (රොයිටර්)

