2024 ජනපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් එනවා



2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ට්‍රම්ප් පවසා ඇත්තේ 2024 ජනාධිපතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කිරීමට තමන්ට හැකි බවය.

ඇමෙරිකාවේ ව්‍යවස්ථාව අනුව, එක් ජනාධිපතිවරයකුට හිමි වන්නේ ධුර දෙකක් පමණි. ට්‍රම්ප් සම්පූර්ණ කළේ එක් ධුර කාලයකි. ඒ, 2017 සිට 2021 තෙක් කාලයේය. ඔහු පරාජය වූයේ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ජනාපධිතිවරණයට ඉදිරිපත් වූ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ටය. දෙවැනි ධුර කාලය සම්පූර්ණ නොකළ බැවින්, යළි ජනාපධිති ධුරය ඉල්ලීමට ට්‍රම්ප්ට අවස්ථාව ඇත.

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය අනිද්දා (8) ආරම්භ වෙයි. මධ්‍යවාර ජනාධිපති පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය උරගා බැලීම සඳහාය. මධ්‍යවාර මැතිවරණයට තමන් සූදානම් බව ද ට්‍රම්ප් පසුගිය සති අන්තයේ පැවැසීය.

2020 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී තමන් පරාජය වූයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඡන්ද වංචා කළ නිසා යැයි ට්‍රම්ප් දිගින් දිගටම චෝදනා කරයි. සති අන්තයේ අයෝවා පැවැති ජන රැලියකදී ද ට්‍රම්ප් කියා සිටියේ තමන් පරාජය වූයේ ඡන්ද වංචා සිදුවුණු බැවින් බවය.

වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ඩිමොක්‍රටික් පක්ෂය මෙහෙයවමින්, මැතිවරණ රැලිවලට සහභාගී වීම ආරම්භ කර ඇති අතර, ඔහුගේ සහායට සිටින්නේ හිටපු ජනාපධිති බැරැක් ඔබාමාය.

බැරැක් ඔබාමා ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයාය. ඔබාමා ජනාධිපති ධුරය හෙබවූයේ ට්‍රම්ප් ජනාධිපති වීමට පෙරය. එදා ඔබාමාගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ජෝ බයිඩන්ය. ඔබාමා තවමත් ඇමෙරිකානුවන් අතරේ ජනප්‍රිය චරිතයකි.

(රොයිටර්)


RECOMMEND POSTS