2019දි ලෝකයට සයිබර් ආරක්ෂකයින් මිලියන 6ක් ඕනෑ



ලෝකයේ තාක්ෂණය දියුණුවීමත් සමගම එහි ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට කාලය පැමිණ තිබෙනවා. 

එයට හේතුව වී ඇත්තේ දිනෙන් දින වැඩිවන අන්තර්ජාලය ඔස්සේ දත්ත සොරකම් කිරීම සහ ආයතනයන් සතුව පවතින මිල කල නොහැකි දත්ත අවසරයකින් තොරව හොර රහසේ අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට බොහෝ පිරිසක් මේ වනවිට කටයුතු කරමින් සිටින නිසාය. 

මෙවැනි ඉතා වටිනා තොරතුරු සොරාගනු ලබන්නේ පරිගණක තාක්ෂණය පිළිබද මාන දැනුමක් ඇති පුද්ගලයින් වීම ඉතා කණගාටු දායක තත්ත්වයකි.  

2019දි සයිබර් ආරක්ෂක තාක්ෂණ ශිල්පීන් මිලියන 6ක් අවශ්‍ය වුවත් මේවනවිට මිලියන 1.5ක හිඟයක් ඇති බව  Dice.com මගින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙලිවී ඇත. 

ආයතනයේ කළමණාකරුවන්ට ගෙවන මුදලට වඩා වැඩි වැටුපක් මෙවැනි වෘත්තිකයින්ට ගෙවනු ලබයි. 

මෙවැනි ශිල්පීන්ට යාවත්කාළින වන දැනුමක් සහ ආක්‍රමණශීලි උපායමාර්ග පිළිබද මනා අවබෝධයක් මෙන්ම විනයකින් යුක්තව වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුය. 

සයිබර් ආරක්ෂණ තාක්ෂණය වෘත්තිකයින් සේවයේ යොදවගන්නා සමාගම් මේ පිළිබදව වැඩි අවධානයක් යොමුකරනු ලැබේ.  
මෙම සංඛයාව පිරවීම සදහා ඉදිරි දශකයේදි තරුණයින්ට සයිබර් ආරක්ෂණ තාක්ෂණය පිළිබදව මනා පුහුණුවක් ලබා දිය යුතු වේ. 
රාජ්‍ය සහ පෞද්ගලික අංශය විශ්ව විද්‍යාලයන්ට සයිබර් ආරක්ෂණ තාක්ෂණය ප්‍රායෝගිකව ඉගැන්වීම සදහා  අනුග්‍රාහය දැක්විය යුතුය.   

ඒතුලින් වෘත්තිකයන් බිහිකිරීමට මග පෑදෙන අතර  සයිබර් ආරක්ෂණ තාක්ෂණය කුමක්ද යන්න පිළිබදව දැණුවත් වීමේ අවස්ථාවක් සමාජයටද හිමි වේ. 


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඒ.එම්.ඉ ඉන්ෆෝ පුවත් ඇසුරෙන්)


RECOMMEND POSTS