2,600 කට ජෙලි ෆිෂ් ප්‍රහාරයක්



ඕස්ටේ‍්‍රලියාවේ ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේ මුහුදු වෙරළ කිහිපයකින්, ජෙලි ෆිෂ් (ලොඩියන්) ප්‍රහාරයට ලක් වූ 2,600 දෙනකු ගැන වාර්තා ලැබී ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වාර්තා කළේය.

පිරිස දෂ්ටනයට ලක් වී ඇත්තේ තද නිල් පැහැයෙන් යුත් බ්ලූ බොට්ල් නමින් හැඳින්වෙන ජෙලි ෆිෂ් ජීවීන්ගෙන් යැයි වාර්තා වේ. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණු බව ජීවිතාරක්ෂක නිලධාරීහු පවසති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS