10 ක් අයි.එස්. ත්‍රස්තයන් අතින් මරුට



නයිජීරියාවේ ක්‍රිස්තියානු ජාතික පිරිමින් 10 දෙනකු ගෙල කපා මරා දැමීමට තමන් කටයුතු කළේ යැයි එරට ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්ත සාමාජිකයෝ පවසති. ත්‍රස්තයන් මේ බව පවසා ඇත්තේ වීඩියෝ දසුන් සහ හඬ පටයක් නිකුත් කරමින්ය.

තමන් මෙම ඝාතනය කළේ ඇමෙරිකන් හමුදා කළ මෙහෙයුමේදී අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියයෑම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස යැයි අයි.එස්. ත්‍රස්ත සංවිධානය වැඩිදුරටත් පවසා ඇත.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS