’ෆයිසර්’ එන්නත බයිඩන්ට

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ජෝ බයිඩන්ට ලබා දීම ඊයේ (21) සිදුවිය.
78 හැවිරිදි ජෝ බයිඩන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ජිල් බයිඩන් එන්නත ලබා ගත්තේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවෝක් නුවර ක්‍රිස්ටිනා කෙයාර් රෝහලේදීය.
බයිඩන් එන්නත ලබා ගත් අවස්ථාව සජීවීව ඇමෙරිකන් මාධ්‍ය නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. බයිඩන්, ප්‍රසිද්ධියේ එන්නත ලබා ගත්තේ, එන්නත ලබා ගැනීමට බිය නොවන්නැයි ඇමෙරිකන් ජනතාවට සහතික වෙමිනි. ඊට හේතුව බොහෝ දෙනා එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බැවිනි.
(ඩේලිමේල්)

