’කොවිඩ්’ මරණ නව ලක්ෂය පසු කරයි

ඇමෙරිකාවෙ 'කොවිඩ් 19' මරණ නව ලක්ෂය පසු කළේය. ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට ඇමෙරිකාවේ සමස්ත 'කොවිඩ් 19' මරණ ගණන 925,530 කි.
එන්නත්කරණය කටයුතු සහ 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතියේ සැර බාලවීමත් සමඟ ආසාදිතයන් සැලකිය යුතු අන්දමින් පහළ වැටුණත්, තවමත් ලොව 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ අතින් අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකවය.
කෙසේ නමුත් තවමත් ඇමෙරිකාවේ දෛනික 'කොවිඩ් 19' මරණ ගණන 2,400 ට වඩා ඉහළින් පවතී. ඊට හේතුව තවමත් දුර්මත හේතුවෙන්, 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගන්නා ඇමෙරිකානුවන් පිරිසක් සිටීම යැයි සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති. එසේ එන්නත් ප්‍රතික්ෂේප කරන වැඩි දෙනා කළු ජාතික ඇමෙරිකානුවන් බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

