‘හයබූසා’ ආපසු එනවා

කුඩා රොබෝ රෝවර් යානා දෙකකින් ද සන්නද්ධ වූ ‘හයබූසා 2’ රොබෝ යානය, විශ්වයේ ඈත වේගවෙන් ඇදී යන ‘රයුගු’ නමැති ග්රහකය හඹා ගොස්, ඒ මතට ගොඩ බැස්සේ පසුගිය 21 වැනිදාය.
‘හයබූසා 2’ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ආයතනය නිපදවූ යානයකි. 2014 වසරේ දී, අභ්‍යවකාශ ගත කළ ‘හයබූසා 2’ යානය විශ්වය හරහා ගමන් කරමින් රයුගු ග්රහකයට සමීපවූයේ මීට මාස කීපයකට පෙරය.
ග්රහකයට සමාන්තරව ගමනේ යෙදුණු ‘හයබූසා 2’ පසුගිය 21 වැනිදා, ග්රහකය මට ගොඩබැස්සවීමට ජපාන විද්‍යාඥයෝ සමත් වූහ. එය අසීරු මෙන්ම ඉතා සියුම් ගණනය කිරීම් අනුව කළ සංකීර්ණ මෙහෙයුමකි. මෙහෙයුම සාර්ථක විය.
‘හයබූසා 2’ යානයේ කුඩා රෝවර් යානා දෙක ග්රහකයට මතට මුදා හැරීමෙන් පසු, යානය සියුම් පිපිරීමක් කරමින්, ග්‍රහකයෙන් නිකුත් වුණු දූවිලි අංශ සහ පස් එක් රැස් කර ගත්තේය.
යානය අද 24 වැනිදා වැනිදා, ‘හයබූසා 2’ යානය යළි ග්‍රහකයෙන් මිදී, පෘථිවිය බලා ආපසු ඒමේ දීර්ඝ ගමන ඇරැඹුවේය.
අතරමඟදී අනතුරක් සිදු නොවුණහොත් ‘හයබූසා 2’ ලබන වසරේ එනම්, 2020 වෙද්දී පෘථිවියට පැමිණෙනු ඇත. ඒ, කිලෝ මීටර් බිලියන 5 ක දුරක් ගෙවා දමමිනි.
යානය පෘථිවියට පැමිණ පැරැෂූට් ආධාරයෙන් දකුණු ඕස්ටේ්රලියාවේ වුමීරා පළාතට පතිත කරනු ඇති බවත් එම සාම්පල අනුව, ‘රයුගු’ ග්‍රහකයේ පමණක් නොව, විශ්වයේ රහස් ද පෘථිවියේ ජලය නිර්මාණය වූයේ කෙසේ ද යන්නත් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ සූදානමින් සිටිති.
(රොයිටර්ස්)

