‘සීකා’ උණ ඉන්දියාවේ

ඉන්දියාවේ රාජස්ථාන ප්‍රාන්තයේ ජායිපූර් නුවරින් සීකා වයිරස රෝගීන් හත් දෙනකු හමුවී ඇතැයි වාර්තා වේ.
‘සීකා’ වයිරස උණ රෝගයේ රෝගකාරකයා වන්නේ ද ඩෙංගු වයිරසය පතුරුවන ඒඩිස් මදුරු විශේෂයයි. ජායිපූර් නුවරින් පළමු සීකා රෝගියා හමුවී ඇත්තේ පසුගිය 24 වැනිදාය. ඒ කාන්තාවකි. එම කාන්තාව පදිංචි ප්‍රදේශයෙන් තවත් රෝගීන් 7 දෙනකු හමුවී ඇත. ඊට අමතරව රෝගී වුණු පුද්ගලයන් 22 ක් රෝහල් ගතව සිටින බව වාර්තා වේ. ඔවුන් සීකා රෝගීන්දැයි නිශ්චිතව හඳුනා ගැනීමට රුධිර පරීක්ෂණ පැවැත්වෙන බව වෛද්‍යවරු කියති.
ජායිපූර් සීකා රෝගීන් ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ද අවධානය යොමු වී ඇති අතර, රෝගී තත්ත්වය කඩිනමින් මර්දනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කණ්ඩායමක් ජායිපූර් වෙත යවා ඇතැයි ද වාර්තා වේ. ජායිපූර් සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ මේ වනවිටත් සීකා උණ රෝගීන් හමුවුණු ස්ථානවල දුමායන කටයුතු සිදු කරන බවය.
පසුගිය 2017 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාසවලදී අහ්මදාබාද් නගරයෙත්, එම වසරේ ජූනි මාසයේදීය තමිල්නාඩුවේ කි්රෂන්ගිරි දිස්ති‍්‍රක්කයේත් සීකා වයිරස වසංගත තත්ත්වයක් හටගත්තේය. කෙසේ නමුත් සෞඛ්‍ය බලධාරීන්ට එම වසංගත මර්දනය කිරීමට හැකියාව ලැබුණු බව ඉන්දීය පුවත් සේවා සිහිපත් කරයි.
‘සීකා’ වයිරසය පිළිබඳ මුලින්ම ලොවට දැනගන්න ලැබී ඇත්තේ 1947 වසරේ දී උගන්ඩාවේ සීකා නමැති වන්නාතරය කේන්ද්‍රකොට ගනිමිනි. වයිරසය ‘සීකා’ යනුවෙන් නම් කෙරුණේ ඒ අනුවය. සීකා වයිරසය, ඩෙංගු, කහ උණ වැනි උණ රෝගවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. 2007 වසරේ සිට 2016 තෙක් කාලයේ සීකා වයිරසය, පැසිෆික් සාගර කලාපීය රටවලට පැතිර යන්න විය. 2015 වසරේ සිට 2016 වසර තෙක් බ්‍රසීලයේ සීකා වයිරස වසංගත තත්ත්වයක් පැතිර ගියේය. ඩෙංගු වයිරසය සේම, ගැබිනි මව්වරුන්ට, කුඩා දරුවන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට සීකා වයිරසය මාරක වෙයි.
(එන්.ඞී.ටීවී.)

