‘රුසියාවේ පාලකයා‘ ලෙස ජනපති පුටින් හඳුන්වන්න ඕනෑ

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ‘ජනාධිපති’ ලෙස නොව රුසියාවේ ‘පාලකයා’ ලෙස හැඳින්වීම වඩා උචිත යැයි පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යෝජනා කර තිබේ.
ජනාධිපති පුටින් නියෝජනය කරන්නේ ද මෙම පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. පක්ෂයේ නායකත්වය හොබවන්නේ ලිනොයිඩ් ස්ලුට්ස්කීය. පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දක්ෂිණාංශික මෙන්ම අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් එක් වී පිහිටුවා ගත් පක්ෂයකි.
පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පුටින් හිතවාදීන් විසින් පුටින් රුසියාවේ ‘පාලකයා’ ලෙස හැඳින්වීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

