‘බ්‍රික්ස්’ සාමාජික රටවලට ජනපති ට්‍රම්ප්ගෙන් අනතුරු
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ‘බ්‍රික්ස්’ සාමාජික රටවලට අනතුරු අඟවා ඇත. ‘බ්‍රික්ස්’ සාමාජික රටවල් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවය.
‘බ්‍රික්ස්’ සාමාජික රටවල්, ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලදී ඇමෙරිකන් ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කිරීමට තීරණය කර තිබේ.
‘බ්‍රික්ස්’ සාමාජික රටවලට අනතුරු අඟවමින්, ට්‍රම්ප් පවසා ඇත්තේ ඇමෙරිකන් ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයක් ප්‍රතිස්ථාපනය කළහොත්, ‘බ්‍රික්ස්’ සාමාජික රටවල අපනයන සඳහා සියයට සියයක් තීරු බදු පැනැවීමට තමන් පියවර ගන්නා බවය.
(ඒ.එෆ්.පී.)