‘ඩොරියන්’ ෆ්ලොරීඩාව කළඹයි

පැයට කිලෝ මීටර් 209 ක වේගයෙන් හමා ආ ‘ඩොරියන්’ සුළි කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට කඩා වැදුණි.
සුළි කුණාටුව ප්‍රබලත්වයෙන් අංක 4 වර්ගයේ බිහිසුණු කුණාටුවක් යැයි මියාමි සුළි කුණාටු ඒකකයේ කාලගුණ විද්‍යාඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
සුළි කුණාටුව ෆ්ලොරීඩා බලා හමා ආවේ, කැරිබියානු දූපත් පසු කරමිණි.
ඇමෙරිකාවට හමා එද්දී, සුළි කුණාටුවේ ප්‍රබලත්වය තවත් වර්ධනය විය. කාලගුණ විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින් වෙරළාශිත ප්‍රදේශවල වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ෆ්ලොරීඩා බලධාරීහු පියවර ගත්හ.
ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ෆ්ලොරීඩා වැසියන්ට උපදෙස් ලබා දී ඇත්තේ නිවෙස්වලට වී සිටින ලෙසය. සුළි කුණාටුව හේතුවෙන් ගස් කඩා වැටී ගමනා ගමන කටයුතුවලට පමණක් නොව, විදුලි බල සැපැයුම්වලට ද බාධා එල්ල වී තිබේ. ෆ්ලොරීඩා ජනපදයට පැමිණෙන ගුවන් යානා සීමා කිරීමට ද ගුවන් ගමන් පාලන අධිකාරියට සිදුවී ඇත.
අනාරක්ෂිත ප්‍රදේශවල වැසියන් සහන කඳවුරුවලට යොමු කිරීම පොලිසියේත් ගිනි නිවන හමුදාවේත් හමුදාවේත් සහාය ඇතිව සිදුවිය.
සහන කඳවුරු සහ ප්‍රජා මධ්‍යස්ථානවල රැඳී සිටින වැසියන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ෆ්ලොරීඩා ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී ඇති බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
මියාමිහිදීය (ඒ.එෆ්.පී.)

