‘ඩ්‍රැගන්’ කැප්සියුලය ආපසු එයි

ගගනගාමීන් උඩු ගුවනට යැවීමට ඇමෙරිකාවේ ස්පේස් එක්ස් ආයතනය නිර්මාණය කළ ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලය යළි සාර්ථකව පෘථිවියට පැමිණියේය.
කැප්සියුලය අත්හදා බැලීම සිදුවූයේ මීට දින කීපයකට පෙරය. නාසා ආයතනය ද එක් වී, කැප්සියුලය උඩු ගුවනට යැවීම කළේ ප්‍රබල රොකට්ටුවක ආධාරයෙනි. කැප්සියුලය, අභ්‍යවකාශ නැවැතුම්පොළට සාර්ථකව සම්බන්ධ විය.
එය ආපසු පෘථිවිය බලා පැමිණියේ පැරෂූට් ආධාරයෙනි. ෂටලය අත්ලාන්තික් පතිත වූ අතර ඇමෙරිකන් හමුදාව එය පැමිණෙන තුරු බලා සිටියේය.
(රොයිටර්ස්)

