‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතට අනුමැතිය

ස්වීඩනයේ ‘ජැන්සන්’ සමාගමට අනුබද්ධ, ඇමෙරිකාවේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ සමාගම නිපදවා ඇති, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වළක්වන ප්රතිශක්තිකරණ එන්නතට, යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව, ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලට අමතරව, ඉදිරියේ දී යුරෝපා වැසියන්ට, ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ද ලබා දීම සිදුවනු ඇත. යුරෝපා සංගමයට අයත් රටවල් සඳහා ඖෂධ නිර්දේශ කරන්නේ, යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරියයි.
ඒ අනුව, ඇමෙරිකාවේ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතට අනුමැතිය දී ඇත්තේ මෙම අධිකාරියයයි. සෙසු ‘කොවිඩ් 19’ ප්රතිශක්තිකරණ එන්නත් මෙන් නොව, ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ලබා දීම සිදුවන්නේ එක් මාත්රාවක් පමණි. ඊට අමතරව, මෙම එන්නතට කොරෝනා විකෘති ප්රභේද පහසුවෙන් මර්දනය කිරීමට ද හැකියාවක් පවතී.
පැරිසියේදීය (රොයිටර්)

