‘ජී7’ නායක සමුළුව කැනඩාවේ ඇරඹේ

‘ජී7’ රාජ්ය නායක සමුළුව අද (16) කැනඩාවේ දී ආරම්භ වෙයි. අද (16) ආරම්භ වන්නේ, 51 වැනි ‘ජී7’ රටවල රාජ්ය නායක සමුළුවය.
කැනඩා, ප්රංශ, ජර්මන්, ඉතාලි, ජපන්, ඇමෙරිකන් සහ එක්සත් රාජධානියේ නායකයෝ සමුළුවට සහභාගී වෙති.
මෙවර ‘ජී7’ සමුළුවේදී වැඩි අවදානයක් යොමු වනු ඇත්තේ ඊශ්රායලය සහ ඉරානය අතරේ හටගත් යුද ගැටුම සම්බන්ධයෙනි. කැනඩාවේ ඇල්බර්ටා ප්රාන්තයේ කනනාස්කිස් නගරයේ විශේෂ ආරක්ෂාවක් ද යටතේ මෙවර ‘ජී7’ සමුළුව පැවැත්වෙයි.
කැනඩා අග්රාමාත්ය මාර්ක් කාර්නිගේ සත්කාරකත්වයෙන් සමුළුව පැවැත්වෙන අතර, මත ගැටුම් පැවැතියත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ද ඊට සහභාගී වීමට නියමිතය.
මෙවර ‘ජී7’ සමුළුවේදී ද ලෝක නායකයන්ගේ වැඩි අවදානය යොමු ඇත්තේ ඊශ්රායල ඉරාන අර්බුදය සම්පන්ධයෙන් බව ද පැවැසෙයි. අද (16) දිනයේ ආරම්භ වන ‘ජී7’ සමුළුව දින දෙකක් තිස්සේ පැවැත්වීමට නියමිතය.
(ඒ.එෆ්.පී.)

