‘ජයිෂ්’ ත්රස්ත කල්ලි නායකයා අසනීප වෙලා

ඉන්දු පාකිස්තාන අර්බුදයට මුල් වුණු, ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්රික්කයේ ඉන්දීය දේශසීමා ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කරගනිමින් ප්රහාරය එල්ල කළ, ‘ජායිෂ් ඊ මොහොම්මද්’ ත්රස්ත කල්ලිය පිහිටුවූ මසූඞ් අසාර්, රෝගී වී, පාකිස්තාන හමුදා රෝහලක ප්රතිකාර ලබන බව වාර්තා වේ.
මසූඞ් අසාර් අන්තවාදී, ආගමික නායකයකු බව ප්රකටය. වකගඩු අක්රිය වීමෙන් මසූඞ් අසාර් රාවුල්පිණ්ඩි හමුදා රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මසූඞ් අසාර්, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර ලබන බව පාකිස්තාන විදේශ කටයුතු ඇමැති ෂා මොහොමද් කුරේෂි ද පවසා ඇත.
ඔසාමා බින් ලාඞ්න් අල් කයිඩා සංවිධානයට නායකත්වය දෙද්දී, ‘ජායිෂ් ඊ මොහොම්මද්’ සංවිධානය අල් කයිඩාව සමඟ අත්වැල් බැඳගත් ත්රස්ත කල්ලියක් විය.
නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)

