‘ගෙබ්‍රියෙල්‘ නවසීලන්තයට



මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ගෙබ්‍රියෙල්‘ සුළි කුණාටුව නවසීලන්තයට කඩා වැදුණි. නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට නවසීලන්ත වැසියන් දහස් ගණනක් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වී සිටින බවය.

‘ගෙබ්‍රියෙල්‘ සුළි කුණාටුව නවසීලන්තයට හමා ආවේ ඕස්ටේ්‍රලියාව පසු කරමිනි. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට නවසීලන්ත කාලගුණ විද්‍යාඥයන් කටයුතු කර තිබුණි.

මිලි මීටර් 200 ක වර්ෂාපතනයක් ද සමඟ සුළිකුණාටුව හමා ආවේ පැයට කිලෝ මීටර් 130 ක තද සුළං ද සමඟය.

සුළි කුණාටුවෙන් සහ ජල ගැලීම්වලින් අනතුරක් විය හැකි යැයි අනුමාන කළ නගර වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කල්තියා නවසීලන්ත බලධාරීන් උපදෙස් දී තිබුණි.

(බීබීසී)


RECOMMEND POSTS