‘කොවිඩ් 19’ සුව වූ පසු ලේ කැටි ගැසෙන්න පුළුවන්

‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී, මාස 6 ක් ගත වනතුරු ලේ කැටි ගැසීම් ඇතිවීමේ අවදානමක් පවතින බව, ‘කොවිඩ් 19’ සංකූලතා සම්බන්ධයෙන් නව අධ්‍යයනයක් කළ ප්‍රංශ වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් පවසති.
ප්‍රංශ වෛද්‍ය පර්යේෂකයන් මෙසේ පවසා ඇත්තේ 2020 සිට 2021 තෙක් කාලයේ යුරෝපා රටවල ‘කොවිඩ් 19’ ආසාදනය වූ මිලියනයකගෙන් ලබා ගත් දත්ත පාදක කර ගනිමිනි.
ප්‍රංශ වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට, ‘කොවිඩ් 19’ ආසාදනය වූ, කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ පුද්ගලයන්ට පවා රෝගය ආසාදනය වී මාස 6 ක් යනතුරු ලේ කැටි ගැසීමේ අවදානමක් පවතී.
‘ඔමික්‍රෝන්’ ව්‍යාප්තියත් සමග ‘කොවිඩ් 19’ වසංගතයේ අවදානම් තත්ත්වය යම්තාක්දුරකට අඩුවුවත්, වයිරස විකෘති බිහිවන බැවින් සැමවිටම වයිරස වසංගතය ගැන කල්පනාවෙන් සිටිය යුතු බවත්, ‘කොවිඩ් 19’ වසංගතයේ අවසානයක් පෙන්නුම් නොකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

