‘කොවිඞ්’ හදිසි තත්ත්වය අවසන්
වසර තුනකට පසු, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන්, ඇමෙරිකාවේ පනවා තිබූ ‘හදිසි තත්ත්වය’ ඉවත් කරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් බව දන්වමින්, ඊට අදාල පනත් කෙටුම්පතට ජනාධිපති බයිඩන් අත්සන් කළ අතර, ඊට කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය. ‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් කෙරුණේ ඒ අනුවය.
‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් කිරීම කාලය එලැඹී ඇතැයි දැනුම් දුන්නේ ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ය. ඒ, 2020 දී ‘කොවිඞ් 19’ වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්වුණු බැවිනි.
(රොයිටර්)