‘කේවිඞ් 19’ මරණ 5,830 ක්

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 5,830 දක්වා ඉහළ ගොස් ඇත.
වයිරස ආසාදිතයන් ගණන 1,56,169 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
චීනයේ වයිරස ආසාදිතයන් අඩුවෙමින් පවතින නමුත් ඉතාලියේ දරුණු ලෙස වයිරසය පැතිර යයි. ඉතාලියේ වයිරස ආසාදිතයන් ගණන 21,157 ක් බවත් මරණ 1,441 ක් බවත් වාර්තා වේ.
ජිනීවාහිදීය (රොයිටර්)

