‘කුවේට් ගුවන් තොටින් පිටවන විදෙශිකයන්ගෙන් ගාස්තු අය කරන්න‘ - කුවේට් මන්ත්‍රීවරයෙක් කියයි
(කුවේට්)
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්වන සියලු විදේශිකයන්ගෙන් ගාස්තුවක් අය කළ යුතුව ඇතැයි කුවෙට්හ් මන්ත්‍රීවරයකු වන අබ්දුර්රහ්මාන් අල් ජීරාන් පවසයි.
කුවේට්හි ජිවත්වන විවිධ විදේශීය ජන කොටස් අතර සමබරතාවක් ඇතිකරගතයුතුවාක් මෙන්ම කුවේට්හි සංවර්ධන සැලසුම්වල අවශ්‍යතා හා විදේශකයන්ගේ සංඛ්‍යාව අතර සමබරතාවක් තකිබිය යුතුයයිද මන්ත්‍රීවරයා තව දුරටත් පවසයි. ඒ අතර කුවේට්හි අපරාධවලට සම්බන්ධ හා නීතිය හා සාමය කඩවන අයුරින් හැසිරෙන විදේශ ජන කොටස්වල සංඛ්‍යාව අඩුකළ යුතු බවටද ඔහු යෝජනා කරයි.
එසේම කුවේට් රජයට අවශ්‍ය වුවහොත් එහි සිටින විදේශිකයන්ග් බැංකු ගිනුම් හා ඔවුන්ගේ ආදායම හා ගිනුම් කටයුතු පරීක්ෂා කිරීමටත් රජයට අයිතියක් ඇතැයිද ඔහු තර්ක කරයි.

