‘ඇමෝනියා’ රැගත් දුම්රියක් පීලි පැනලා

සර්බියාවේ ‘ඇමෝනියා’ විෂ වායු සිලින්ඩජර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක් පීලිපැනීමත් සමඟ 51 දෙනකු ඇමෝනියා විෂ ශරීරගත වී රෝහල්ගත කෙරුණි.
සර්බියානු පුවත් සේවා වාර්තා කළේ රෝහල්ගත කළ 51 දෙනාගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවය. දුම්රිය පීලි පැනීම සිදුවූයේ ‘පොයිරෝ’ නගරයට නුදුරිනි.
සිලින්ඩර්වලට හානි සිදුවීමත් සමඟ ‘ඇමෝනියා’ වායුව වාතයට මුදා හැරුණු බවත් එය 60,000 ක් වෙසෙන ‘පොයිරෝ’ නගරය දෙසට හමා ඒමට පටන් ගත් බවත් වාර්තා වේ.
පීලි පැනීමට ලක්වූයේ අසල්වැසි බල්ගේරියාවේ සිට ධාවනය වෙමින් තිබුණු විෂ වායු සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න වූ විශේෂ දුම්රියකි.
(රොයිටර්)

