‘ආසියාන්’ සමුළුව බැංකොක් නුවරදී ඇරැඹේ



අග්නිදිග ආසියානු රටවල විදෙස් ඇමැතිවරුන් සහභාගී වන ‘ආසියාන්’ සමුළුව තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්වෙයි.

‘ආසියාන්’ හවුලට අයත් වන ප්‍රධාන රටවල් වන්නේ බෘනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය යන රටවල්ය.

ඊට අමතරව තවත් කලාපීය රටවල් රැසක නියෝජිතයන් සහ විදෙස් ඇමැතිවරු සමුළුවට සහභාගී වෙති.
බැංකොක් නුවර පැවැත්වෙන සමුළුවේදී සාකච්ඡා පැවැත් වෙන්නේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙනි.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ, චීන සහ රුසියානු විදේශ ඇමැතිවරු ද සමුළුවට සහභාගී වෙති.
චීනය සහ ඇමෙරිකාව අතර පවතින වෙළෙඳ යුද්ධය උත්සන්න වීම සම්බන්ධයෙන් මෙන්ම උතුරු කොරියාව සිදු කරන මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ආරක්ෂක සමුළුවේදී සාකච්ඡා පැවැත්විණි.

බැංකොක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS