ෆලූජා නගරයේ පුපුරන ද්‍රව්‍ය ඉවත් කෙරේ.



 

ෆලූජා (ඉරාකය)

ෆලූජා නගරයේ උතුරු හා බටහිර ප්‍රදේශවලින් පුපුරන ද්‍රව්‍ය සහ එයි.එස්. ත්‍රස්තවාදින්ගේ යුද උපකරණ සුන් බුන් සම්පූර්ණයෙන්ම ඉවත්කර ඇතැයි අන්බාර් පළාත් සභාව කිවේදනය කළේය. නගරයේ ඉතුරු   ප්රදේශද ඉදිරි දින කිහිපයේදී සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන බව පළාත් සභාව පවසයි.

සිවිල් ආරක්ෂක බළකායේ උදව් ඇතිව ආරක්ෂක හමුදා සහ බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම් පුපුරන ද්‍රව්‍ය, පුපුරන උගුල් සහ අයි.එස්. සුන්බුන් ෆලුජා නගරයේ උතුරු හා බටහිර ප්‍රෙද්ශවලින් ඉවත් කිරීමට සමත්වී යයි පළාත් සභික මොහමඩ් යාසින් පැවසීය.

නගරයේ අවතැන් වූ පවුල් සැප්තැම්බර් 15දා සිට ආපසු නගරයට ගෙන්වා ගැනීම අරඹනවා. ෆලූජා නගරයේ සැම ප්‍රෙද්ශයක්ම ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වුණා. යුද උපකරණ සුන්බුන් සහ පුපුරන ද්‍රව්‍ය විශල ප්‍රමණයක් නගරයේ ඉතිරිවී තිබෙනවා.‘ යයි  ඔහු වැඩි දුරටත් පැවසීය.

(ඉරාකි නිව්ස් කොම් ඇසුරෙනි)


RECOMMEND POSTS