ෆයිසර් ‘කොවිඩ්’ ඔසුව බෙයිජීං ආසාදිතයන්ට



ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීම සඳහා නිපදවූ ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය චීනයේ බෙයිජීං අගනුවර කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට චීන රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ.

මේ වනවිට චීනයේ ඉතා දරුණු අන්දමින් ‘කොවිඩ් 19’ වයිරසය ව්‍යාප්තවීමට පටන්ගෙන තිබේ. චීනයේ පැතිර යමින් තිබෙන්නේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදයයි. බෙයිජීං අගනුවර රෝහල් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර රෝහල් ඇඳන් නොමැතිව බොහෝ රෝගීන් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙයි.

චීනයේ මෙසේ ‘කොවිඩ් 19’ දරුණු වූයේ එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ දැඩි සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට චීන රජය පියවරගත් බැවිනි. චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය එසේ කළේ එම සෞඛ්‍ය සීමා සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් නිර්මාණය වුණු බැවිනි.

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගමේ ‘පැක්ස්ලොවිඩ්’ ඔසුව ආනයනය කරමින් එය බෙයිජීං වැසියන්ට ලබා දීමට ඇමෙරිකන් සෞඛ්‍ය අංශ තීරණය කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

(රොයිටර්)


RECOMMEND POSTS