ළැව් ගිනි මැද සිඞ්නි වැසියෝ අවුරුදු සමරති



2020 නව වසර පිළිගනිමින් ආසියාවේ සිට යුරෝපය සහ මැදපෙරදිග දක්වාත් ඇමෙරිකා මහද්වීපය දක්වාත් සෑම ප්‍රධාන නගරයකම පාහේ සැමරුම් පැවැත්වුණු අතර, ළැව් ගිනි තර්ජන පැවැතියත්, ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර වැසියෝ සුපුරුදු පරිදි මල් වෙඩි සංදර්ශන පවත්වමින් අවුරුදු උදාව සැමරූහ.

සිඞ්නි නුවර සිඞ්නි වරාය සහ ඔපෙරා රඟහල කේන්ද්‍රකොට ගනිමින් සෑම වසරකම, අවුරුදු උදාව සැමරීම සිදුකරන්නේ ඉතා අලංකාර මල් වෙඩි සංදර්ශනයකිනි.

සාමාන්‍යයෙන් ඕඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ඔපෙරා රඟහල ආශ්‍රිතව සුපුරුසු පරිදි පැවැත්වෙන අලංකාර මල්වෙඩි සංදර්ශනය නැරැඹීමට සාමාන්‍යයෙන් දෙස් විදෙස් සංචාරකයෝ මිලියන 1.5 කට වැඩි පිරිසක් එක්රොක් වෙති. කෙසේ නමුත් ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි හේතුවෙන් සංචාරකයන්ගේ අඩුවීමක් දකින්න ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

මෙවර ඕස්ටේ‍්‍රලියාවේ ප්‍රාන්ත රැසක පැතිර යන ළැව් ගිනි හේතුවෙන් මල් වෙඩි සංදර්ශනය මෙවර පවත්වන්න එපා යැයි ඕස්ටේ‍්‍රලියානු වැසියන් බොහෝ දෙනකු ඕස්ටේ‍්‍රලියානු රජයෙන් මෙන්ම සිඞ්නි නුවර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි. කෙසේ නමුත් එම ඉල්ලීම සැලකිල්ලට නොගෙන මල් වෙඩි සංදර්ශනය පැවැත්වීමට කටයුතු කර තිබුණි.

සිඞ්නි නුවරදීය (ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS