ළැව් ගිනි නිවන්න විදෙස් ආධාර ලබා ගන්නවා



ඇමසන් වනාන්තරයේ පැතිරෙන ළැව් ගිනි නිවා දැමීමට, කොන්දේසි කිහිපයක් යටතේ විදෙස් ආධාර ලබා ගැනීමට තමන් සූදානම් යැයි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පැවැසීය.

ඇමෙරිකන් ඩොලර් මිලියන 22.2 ක එම ආධාර මුදල යොදා ගනිමින් ළැව් ගිනි නිවීම, තම  රජයේ කැමැත්ත පරිදි සිදුවිය යුතුයි බවත් විදෙස් නායකයන්ට ඊට ඇඟිලි ගැසීම කළ නොහැකි බවත් බ්‍රසීල ජනාධිපතිවරයාගේ පළමු කොන්දේසියයි.

මුලදී ප්‍රතික්ෂේප කළත්, පසුව  එම විදෙස් මුදල් ආධාර ලබා ගැනීමට බ්‍රසීල ජනපති බොල්සරානෝට සිදුවූයේ ළැව් ගිනි දිගින් දිගටම පැතිරීමත්, ඒවා නිවා දැමීමට හෝ මර්දනයට විදෙස් සහාය අවශ්‍ය යැයි බ්‍රසීල ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ජනපති බොල්සරානෝගෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

සාඕ පාවුලෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS