ළමයින් අතරේ කොවිඞ් වැඩිවෙලා

ඇමෙරිකාවේ කුඩා දරුවන් අතරේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සීඝ්රයෙන් පැතිරීමට පටන්ගෙන ඇතැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීහු පවසති.
පසුගිය සතියේ පමණක් ‘කොවිඞ් 19’ ආසාදිතයන් යැයි හඳුනාගත් ඇමෙරිකන් දරුවන් ගණන 74,000 කි. වසංගත ව්‍යාප්තිය හමුවේ එක් සතියක් තුළ වැඩිම කොරෝනා ආසාදනය වූ දරුවන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බව ඇමෙරිකාවේ ළමා රෝග පිළිබඳ විද්‍යා ආයතනය පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් අතරින් සියයට 11 ක් ළමුන් යැයි ද ළමා රෝග පිළිබඳ විද්‍යා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ වනවිට ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 10,559,184 කි. අද (11) වනවිට වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 2,45,799 කි. ලොව වැඩිම මරණ සහ ආසාදිතයන් වාර්තා වන රට ඇමෙරිකාවය.
ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ජෝ බයිඩන්, මේ වනවිටත් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. 12 දෙනකුගෙන් සමන්විත එම බලකායට නායකත්වය දෙන්නේ ඇමෙරිකානු ඉන්දීය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන විවේක් මූර්ති ය.
කාර්ය සාධක බලකායේ දෙවැනියා ලෙස කටයුතු කරන්නේ ඇමෙරිකා ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ හිටපු ප්‍රධානියා ලෙස කටයුතු ඬේවිඞ් කෙල්සර්ය. කොරෝනා කාර්ය සාධක බලකාය පිහිටුවූ බව නිවේදනය කරමින්, බයිඩන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කළේ මුහුණු ආවරණ පලඳින ලෙසටය.
වොෂින්ටනයේදීය (රොයිටර්)

