හොර මත්පැන් බෝතල් 120ක් අල්ලයි

සෞදි රේගු නිළධාරින් විසින් කිංග් පහද් පාලම මතදී කරන ලද වාහන පරීක්ෂාවකදී වාහන තුල සගවා ප්රවාහනය කිරීමට උත්සහ කල ප්රසිද්ධ වෙළද නාමයන් ගෙන් යුත් මත්පැන් බෝතල් 120ක් සොයාගැනීමට සමත්ව ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
සෞදි අරාබිය දෙසට ගමන් කරමින් තිබු පෞද්ගලික කාර් දෙකක ඉන්ජින් තුල සහ තෙල් ටැංකි තුල මත්පැන් බෝතල් 120 සගවා තිබී ඇති බව වාර්තා වේ.
වාහන දෙකේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නීතිමය ක්රියාමාර්ග ගැනීම සදහා අදාල බළධාරීන්ට භාරදුන් බව රේගු අධ්යක්ෂ ජෙනරාල්, දයිෆල්ලාහ් අල්- ඔටයිබි ප්රකාශ කල බව වෙබ් අඩවිය සදහන් කර ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)



