හොංකොං විරෝධතා දරුණු වෙයි



චීනය විසින් හඳුන්වා දීමට සැරැසෙන නව ආරක්ෂක නීති සම්බන්ධයෙන් හොංකොං හි දිගටම විරෝධතා පැවැත්වෙන බවත්, 340 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වුණු බවත් වාර්තා වේ.

හොංකොං වැසියන් වීදි බැස මෙසේ විරෝධතා පවත්වන්නේ 'කොවිඩ් 19' වයිරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය රැක ගන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති අවස්ථාවකය. දහස් ගණනක් විරෝධතා සඳහා එක් වී සිටිති. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ සිය ස්වාධීනත්වයට සහ ජීවත් වීමට ඇති නිදහසට මෙම නව ආරක්ෂක නීති බාධාවක් බවය.

විරෝධතාකරුවන් මර්දනයට කැරැලි මර්දන පොලිසිය යොදවා ඇති බවත්, දෙපිරිස අතරේ දරුණු ගැටුම් ඇවිලෙන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි. විරෝධතාකරුවන්  මර්දනයට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කෙරේ.

හොංකොංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS