හොංකොං මාධ්‍ය ප්‍රධානී ජිමී ලායි අත්අඩංගුවට



දක්ෂ ව්‍යාපාරිකයකු, මාධ්‍ය ප්‍රධානියකු මෙන්ම හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටත්, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පැවැත්වෙන විරෝධතාවලටත් සහාය පළ කරන ජිමී ලායි, චීන රජයේ මැදිහත් වීමෙන් අත්අඩංගුවට ගැණින.

ජිමී ලායි, චීන රජයේ උදහසට ලක් වුණු අයෙකි. ජිමී ලායි විදෙස් කුමන්ත්‍රණකාරීන් සමඟ එක් වී ජනතාව උසි ගන්වනවා යැයි චෝදනා ලැබ සිටී. 72 හැවිරිදි ජිමී ලායි විසින් පිහිටුවා ඇති ‘ඇපල් ජිජිටල්’ නමැති පුවත්පත හොංකොං හි ප්‍රධාන පුවත්පතකි.

හොංකොං යනු චීනයට අයත් වෙනම පාලනයක් සහිත ප්‍රදේශයකි. හොංකොං පාලක මණ්ඩලය චීන හිතවාදීන්ය. හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ උත්සාහ ගන්නේ චීන පාලනයෙන් හොංකොං මුදා ගැනීමටය.

හොංකොංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS